ලොව විශිෂ්ටතමශක්තිජනක පානය.
දිනකට ලීටර් පනස් දාහක් කුණු කානුවට.
පොල් වතුර වැනි සයිටොකයිනීන් වලින් පොහොසත්
ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීමට සහ
වයසට යෑමේ දී, මතු වන සංකූලතා අවම කර
ගැනීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැක
ගැනීමටත් ඉවහල් වනු ඇත

ආහාර පිසීම සඳහා පොල් ගෙඩියක් බිඳින හැම අවස්තාවකදීම පොල් බෑයටම කටතබා, පොල් වතුර පානය කිරීම පුරුද්දක් කර ගත් ආච්චි අම්මා කෙනෙකු අපේ ගමේ විසීය.පොල් වතුරබොන්නේ ඇයි දැැයි ඇෙඟන් ඇසූ විට ඇය දුන්නේකදිම පිළිතුරකි.˜ගෙම්බන්ගේ, දියබරියන්ගේ මළ මූත්‍ර නැති, ආයුෂ වැඩි වෙන යස පිරිසිදු වතුර ඩිංග ....˜ දැන් අවුරුදු 85 ක් වන, ගිරුවාපත්තුවේ මේ ආච්චි තවමත් ක්‍රියාශීලීව ජීවත් වන අතර, සරුසාර පොල්ගස් ටික කපා ඉඩම් කට්ටි කොට, විකුණා ධනවත් ව,පොල් වතුර වෙනුවට, පිටිකිරි, සිසිල් බීම, අරක්කු,බියර් පානය කළ ඇෙඟ් දරුවෝ, ඇයටත් කලින් මිය පරලොව ගියෝය.
ඩිජිටල් යුගයේ වෙසන ඇෙඟ් මුනුබුරු මිනිබිරියන් මාළු පාන්, ප්‍රයිඩ් රයිස්, පීසා, හොට්ඩොග්ස්, ඩෝනට්ස්
කමින්, පැණි බීම, අරක්කු බියර් සහ එනර්ජි ඩි්‍රන්ක්ස් ද බොමින් අකාලයේ ලෙඩ රෝග වැළඳගනිමින් එලොව ගමන ඉක්මන් කර ගනිමින් සිටී.පොල් ගස මෙරට ජනයා හැඳින්වූයේ කප්රුක කියාය. එසේ ඇමතීම අතිශයින්ම සාධාරණ යැයි කියා සිතන්නට කාරණාවන් බොහොමයක්ම ඇත. මෙරට ජනයා පොල් ගසේ ප්‍රයෝජනයට නොගත්, අහක දැමූ කිසිවක් නොමැත. ජන ජීවිතයේ පොල් ගස ප්‍රයෝජනයට නොගත් කිසිදු වැදගත් අවස්ථාවක් නොවීය.—පොළොව පළා ගලක් දුටින් එගල පළා රිදී දුටින්රිදී ළිඳේ දියත් දුටින්A.....˜
එසේ කුඩා ළමුන්ගේ තේරවිළි වලට ද පාදක වූ, පොල් වතුර, කුරුම්බා වතුර, අනාදිමත් කලෙක සිට ලෝකයේ විවිධ රටවල රෝග සුව කිරීම සඳහා ද භාවිතයට ගෙන තිඛෙනවා.සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිළිබඳ බටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන්, මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳව මේ මෑතක් වන තුරු සුදු ජාතීන් ගේ අවධානය යොමු වූයේ නැත. අනෙක් අතට ඔවුන්ගේ ඉරිඟ, සෝයා, එළවළු තෙල් සහ මාගරින් වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල් තෙල්, පොල් මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්මිත ගුණය හිතාමතාම වසන් කළ නිසාවෙන්, ඔවුන් පොල්සැලකුවේ සෞඛ්‍යයට අහිතකර, හදවත් රෝග වලට තුඩු දෙන ආහාරයක් ලෙසය. ඔවුන්ගේ දැනුම හා හ~ ඔස්සේ තීන්දු තීරණ ගත් අපවිසින් ද පොල් තෙල්, පොල් මදය මෙන්ම, පොල් වතුරද කිසිදු වැදගැන්මකට නැති ආහාරයන් ලෙස සලකාඅවඥාවෙන් බැහැර කරනු ලැබිණ. මෑතක දී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මංඩලය විසින් පුවත් පත් වල පළ කර තිබූ වාර්තාවකින් කියැවුනේ, මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර 50,000 ක්, සින්ක් එකට හළන බවයි. අප කොයිතරම් පොල් ගසට අකාරුණික වීද යන්න තේරුම් ගැනීමට, එකී කාරණාව පමණක් වුව ප්‍රමාණවත් වණු ඇත. එබැවින් එකී කාරණාව ද මතකයේ තබා ගෙනම, පොල්, තැඹිලි, කුරුම්බා වතුර පිළිබඳ පෙර අපරදිග විිද්‍යාඥයින් විසින් කර ඇති පර්යේෂණ වල තතු විත්ති වලින් හෙළිදරවු කෙරෙනා මාහැඟි ගුණය, මෙන්ම
පානයයි. පොල් වතුර මේ ලොව ඇති සුපිරිසිඳුම පානයයි. මාස 9 ක් පුරා ජෛව පිරිසිඳු වීමේ ක්‍රියාවලියට ලක් වී නිපදවෙන පොල් වතුර, ජීවානු හරිතය. එහි සංයුතිය අපගේ ෙසෙල ප්ලස්මාවේ, රුධිරයේ අයනික සංයුතියට ඛෙහෙවින්ම සමාන වන බව ලොව විශිෂ්ටතම ශක්තිජනක පානය.පොල් වතුර වැනි සයිටොකයිනීන් වලින් පොහොසත් ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීමට සහ වයසට යෑමේ දී, මතු වන සංකූලතා අවම කර ගැනීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනු ඇත. දිනකට ලීටර් පනස් දාහක් කුණු කානුවට. විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිඛෙනවා. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලොරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම. සුළු වසයෙන් ඇති ස්වභාවික සීනි නිසාවෙන්, අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්වයි. මෙකී විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ,යුද්ධ වලදී බරපතල තුවාල ලබන සොල්දාදුවන් සඳහා සේලයින් ද්‍රාවණයක් ලෙස කෙලින්ම භාවිතයට ගෙන තිඛෙන බවත්, දෙවන ලෝක යුද්ධයේදී පමණක් ජීවිත 50,000 ක් පමණ බේරා ගෙන තිඛෙන බවත් ඉතිහාස තතු විමසීමේදී දැන ගන්නට තිඛෙනවා. එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. මැංගනීස්, අයඩීන්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා විටමින් සී, බී හා ඊ ද ඇත. තවද මෙහි අත්‍යාවශ්‍ය ඇමැයිනෝ අම්ල, කාබනික අම්ල, එන්සයිම වර්ග, ප්‍රතිඔක්ෂිකාරක, පයිටොකෙමිකල්ස් වර්ග, ශාක හෝමෝන වර්ග මෙන්ම හදවතට හිතකර මේදයද අන්තර්ගත වෙනවා. හදවත රැක දෙන පොල් වතුර. පොල් වතුරෙහි තිඛෙන අධික කණිජ ලවන සංයුතිය නිසාවෙන්, හෘදයාබාධ හා අධික රුධිර පීඩනය
වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස, විද්‍යාඥයින් විසින් පොල් වතුර හඳුන්වා දී ඇත. මේ පිළිබඳව කර ඇති අධ්‍යයනයක දී හෙළි වී ඇත්තේ, අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් සඳහා පොල් වතුර පානය කරන්නට දීමෙන්, ඔවුන්ගේ රෝග තත්ත්වය සියයට 71 කින් අඩු වූ බවයි. පොල් වතුර මිලි ලීටර් 100 ක පොටෑසියම් මිලි ග්රෑම් 300 ක් පමණ තිඛෙන අතර, එම ප්‍රමාණය කෙසෙල් වලටත් වඩා වැඩි අගයකි. එබැවින් මෙය හදවත රකින විශිෂ්ට ආහාරයක් ලෙස හඳුන්වන්නට විද්‍යාඥයින් පසුබට වන්නේ නැත.පොල් වතුරෙහි අහිතකර කොලස්ටරෝල් නොමැති අතර, අධ්‍යයන වලදී හෙළි වී ඇත්තේ, අපගේ සිරුරේ තිඛෙන අහිතකර කොලස්ටරෝල් අඩු කිරීමට ඉවහල් වන, හිතකර කොලස්ටරෝල් :්‍යෘඛ- මට්ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යන බවයි. අනෙක් අතට රුධිර කැටි ඇති වීම වළක්වාලන ගුණයක් ද පොල් වතුරෙහි අඩංගු වන බැවින් , දරුණු හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග වලින් ඇති වන අවධානම අඩු කර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත. වකුගඩු රැක ගන්නට, සහ මූත්‍රාශයේ ගල් දිය කිරීමට. වකුගඩු තුළ රැෙඳන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩු වලට සිදු වන හානි වැළැක්වීම, පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව, පර්යේෂකයින් පෙන්වා දෙනවා. එබැවින් මත් පැන් හා වස විස නිසාවෙන් සිදු වන වකුගඩු නරක් වීම පාලනය කිරීමටද පොල් වතුර ප්‍රයෝජනවත් වනු ඇත. පිලිපීනයේ චයිනීස් මහ රෝහලේ, මූත්‍ර වාහිනී පද්ධතිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඉයුජිනෝ මැකලැලෑන් මහතා පෙන්වා දෙන්නේ, සතියකට දෙවතාවක් හෝ තුන් වතාවක් පමණ පොල් වතුර හෝ කුරුම්බා පානය කළ, මූත්‍රාශයේ ගල් සෑදි ශෛල කර්මයකින් ඉවත් කිරීමට නියමිතව සිටි රෝගී න්ගේ එම ගල් වල විශාලත්වය අඩු වී, හෝ කුඩා කොටස් වලට කැඩි තිබුණු බවත්, ඒ නිසාවෙන් ඒවා ශෛල කර්මයකින් නොව, සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර මගින් සුව කිරීමට හැකි වූ බවත්ය. අනෙක් අතට පොල් වතුර හොඳ මූත්‍ර කාරකයක් ද වෙයි. මූත්‍ර හොඳින් පහ වීමටත්, මූත්‍ර මාර්ග යේ ඇති වන ආසාධන සුව වීමටත්, පොල් වතුර හොඳ ඔෂධයක් ලෙස සැලකේ.වස විස වලින් හා දරුණු විස බීජ වලින් ආරක්ෂා විමට. අප්‍රිකානු හා ඉන්දියානු මෙන්ම, ශ්‍රි ලංකාවේද දේශීය වෛද්‍ය කර්මයේදී විස ඖෂධ වල, විස ගතිය ඉවත් කිරීමට පොල් වතුර භාවිත කොට තිඛෙනවා. එමෙන්ම, බටහිර ඖෂධ අධි මාත්‍රා වලින් ශරීරගත වීමක දී, :ධඩැර ාදිැ- ඒවායේ විෂ හරණය කිරීමටත්, මෙරට ජනයා ආහාරයට ගනු ලබන, ආහාර වර්ග වල ඇතැයි කියනු ලබන පළිබෝධනාශක ශේෂ කොටස් මෙන්ම ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසාවෙන් සිදු වන හානිය අවම කිරීමටත් පොල් වතුර ඉවහල් විය හැකි බවට විශ්වාස කළ හැකි, විද්‍යාත්මක තොරතුරු බොහොමයක්ම ඇත. පොල්, කුරුම්බා, සහ තැබිලි වතුරෙහි අඩංගු වෙන මොනොලෝරීන් - සතුව ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස් හා ප්‍රොටොසෝවා මෙන්ම, තද ලිපිඩ ආවරණයක් සහිත හර්පීස්, සයිටොමෙගලෝ වයිරස් වර්ග මෙන්ම, ්‍ය1භ1 වැනි දරුණු ප්‍රතිශ්‍යාකාරක වෛරස් වර්ගත් විනාශ කිරීමේ ප්‍රභල හැකියාවක් සතු වන බව පැවසෙනවා. එමෙන්ම මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කෙරෙන නිසාවෙන්, රෝග වලින් අපව ආරක්ෂා කෙරෙන බවත් සොයා ගෙන ඇත. යෞවනත්වයේ, දීර්ඝායුෂ ලැබීමේ උල්පත. - සයිටොකයිනීන්. පොල් වතුරෙහි තිඛෙන විටමින්, ඛණිජ ලවන හා අනිකුත් පෝෂණ ගුණයන්ටත් වඩා වැදගත් විශිෂ්ට ගුණය වන්නේ, මෙහි තිඛෙන ශාක සයිටොකයිනීන්
:කහඑදනසබසබි- සංයෝග වලින් අපගේ සිරුරට ලැඛෙන ගුණය බව නොඅනුමානය, සයිටොකයිනින් කියන්නේ, පයිටොහෝර්මෝන නොහොත් ශාක හෝර්මෝනයන් වෙයි. මෙම හෝර්මෝන වර්ග ශාකය වයසට යාම, වර්ධනය, විකසනය හා සංවර්ධනය පාලනය කිරීමට ඉවහල් වේ. නමුත් මෙම ශාක හෝර්මෝන වලින් මිනිසාට ඇති ඵල ප්‍රයෝජනය කවරේදැයි, විද්‍යාඥයෝ මෑතක් වන තුරුම සොයා ගෙන නොසිටියහ. කෙසේ වෙතත්, විද්‍යාඥයින් දැන් අවධාරණය කරන්නේ, මෙම සයිටොකයිනීන් වලින් පොහොසත් ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යෑමේ දී, මතු වන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වන බවයි.පොල් වතුර වනාහී මෙම ශාක හෝර්මෝනයන්ගෙන් පරිපූර්ණ ආහාරයකි. පිළිකා පාලනය කිරීමේ ගුණය. පෙර කී, සයිටොකයිනින් මගින් වයසට යාම පාලනය කිරීමට අමතරව, නිරෝගී ෙසෙල විභාජනය යහපත්ව පවත්වා ගෙන යමින්, පිළිකාමය ෙසෙල විනාශ කිරීමටත් හේතු වන බව විද්‍යාඥ බ්රූස් ෆිෆේ :ඊරමජැ තසෙැ- මහතා අවධාරණය කරනවා. මීට අමතරව පොල් වතුර, පිළිකා ඇති වීමට හේතු වන, නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්ෂිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත. බර අඩු කර ගැනීමට කදිම පානයකි. 1999 වර්ශයෙA ඇමරිකාවේ යාලේ සරසවියේ දී කර ඇති අධ්‍යයනයක දී හෙළි වී ඇත්තේ, පොල් වතුර සීනී සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇති වන කෑදරකම පහ කරන බැවින්, බර අඩු කර ගැනීමට කදිම පානයක් ලෙස යොදා ගැනීමට හැකි බවය. අනෙක් අතට විටමින් සී සුලභ ආහාර ලබා ගන්නා උදවිය බර පාලනය කර ගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති තවත් අධ්‍යයනයක දී හෙළි වී ඇත. පොල් වතුර විටමින් සී වලින්ද අනූනය. පොල් වතුරෙහි තිඛෙන වෙනත් ගුණයන්... ඩ දියවැඩියා රෝගය පාලනයෙහිලා ද පොල් වතුර වැදගත් වන බව සොයා ගෙන තිඛෙනවා. ඩ එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානී, මෝටින් සැටින් මහතා අවධාරණය කරන්නේ, මේ ලොව තිඛෙන විශිෂ්ටතම ශක්ති ජනක පානය වන්නේ පොල් වතුර බවයි. පොල් වතුරෙහි සින්ක් හා සෙලෙනියම් වැනි කණිජ ලවන වර්ග තිඛෙන බැවින්, ලිංගික සරු භාවයටත්, මඳසරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසෙනවා. පොල් වතුරෙහි තිඛෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබා ගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්වන බව සොයා ගෙන ඇත.මහළු උදවියට හා ඝණ ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණිය පානයකි. පොල් වතුර එළ කිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ට වෙයි. මවු කිරි වල තිඛෙන ලෝරික් අම්ලය පොල් වතුරෙහිද තිඛෙන නිසා සකස් කළ ළඳරු කිරි පිටි වර්ග වලට වඩාපොල් වතුර ගුණදායක බව පැවසෙනවා. වමනය යෑම නතර කිරීමේ ගුණයක් සහ ආමාශයේ දැවිල්ල, ගැස්ට්‍රයිටිස් රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය, මළ බද්ධය සුව කිරීමේ ගුණයක් පොල් වතුරෙහි තිඛෙන බව සොයා ගෙන ඇත. ඇසට හිතකරය. ඇසේ සුද එAම සහ ග්ලූකොමා රෝග තත්ත්වයන් ඇති වීම වළක්වයි ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක් ලෙස භාවිත කළ හැකිය. ශරීරය අධිකව වෙහෙසෙන අවස්තා වල දී සහ විජලන තත්ත්වයන්හී දී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා
දීමෙන් විශිෂ්ට ගුණ ලැඛෙන බව පැවසෙනවා. පැපොල, සරම්ප සහ ශරීරයේ පලූ දැමීම් සහ ඌෂ්ණ බිබිලි වලින් සුවයක් ලැබීම සඳහා පොල් වතුර භාහිරව ගැල් වීමෙන් සහනයක් ලැඛෙන බව පර්යේෂකයින් සොයා ගෙත ඇත.සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුව වීමටද දායක වෙයි.පොල් වතුරෙහි තිඛෙන විශිෂ්ට ගුණයන් නිසාවෙන් ලොව පුරා වෛද්‍යවරු ගර්භණී මවුවරුන්ට පොල් වතුර, තැබිලි වතුර පානය කරන්නට උපදෙස් දේ. හෙළ වෙඳකමට නැතුවම බැරි පොල් වතුර. මෙරට හෙළ වෙදකමෙහිලාද පොල්, කුරම්බා සහ
තැබිලි වතුර භාවිත කෙරෙන අවස්තා රාශියක් තිඛෙන බව පැහැදිලිව දැක ගත හැකිය. ශරීරයේ උෂAණය, දාහය, සහ දොස් සමනය කිරීම සඳහා භාවිත කෙරෙන —රාජ විරේකය˜, මූත්‍ර ගල් දිය කිරීමට භාවිත කරන—වැලි හැළියේ කෂාය˜. —බලා විෂ්ණු තෛලය˜, වැනි ඖෂධ සංයෝග රාසියක් සකස් කිරීමට තැබිලි සහ පොල් වතුර භාවිත කරයි. සුලභව යෙදෙන ඖෂධයක් පහත දක්වන්නේ පෙර කී පර්යේෂණ වලින් තහවුරු කෙරී පවතින අපේ පැරැන්නන්ගේ ශ්‍රේෂ්ඨ දැනුමට උපහාරයක් වනු පිනිසය. ඉරමුසු පිරිසිදු කොට ගෙන තලා, තැබිලි ගෙඩියකට දමා ඇස්ස වසා රැයක් තබා, උදේට පානය කිරීමෙන් මූත්‍ර විෂ තත්ත්වයන්, මූත්‍ර ආබාධ සමනය කෙරෙන බව පැවසේ. මෙරටට පැමිණෙන විදේශික සංචාරකයින් සිල්ලර කඩ වලට ගොස් පොල් ගෙඩි මිල දී ගෙන, එහි සිදුරක් සාදවා ගෙන, පාරවල් අයිනේ ඇනතියා ගෙන ස්ට්‍රෝ එකකින් පානය කරනු ඔබත් දැක ඇති. එහෙත් අවාසනාවකට එම වෙළෙඳසැලේ සිටින තරබාරු වෙළෙඳ මහත්මිය, දිනපතාම පොල් වතුර ටික කුණු කාණුවට දමා, වස විස ද තිබිය හැකි, ප්ලාස්ටික් බොතල් වල අසුරා අව්වට වේලි වේලි තිඛෙන පැණි බීම බෝතලයක් පානය කරමින් සිටිනු ඇත. ඉඳින් මේ එළැඹ ඇත්තේ, පොල් ගස් යට ඉපිද, හෘද රෝග වකුගඩු ආබාධ, පිලිකා රෝග වැනි බෝ නොවන රෝග වැළඳී අකාලයේ මිය ගොස්, පොල් ගස් යටම වළේ දමන්නට කලියෙන්, පොල් වතුරේ ඔසු රහස් මෙන්ම රස රහස් ද අපේ ඇත්තන්ට, කියවා පැහැදිලි කර දිය යුතු කාලයක් බව මෙහි අන්තිමට ලියා තබමි.
(විශේෂ ස්තූතිය - කැඩුම් බිඳුම් හා සර්වාංග විශේෂඥ
ආයුර්වේද වෛද්‍ය කරඳගොල්ලේ ඒ. බී. එම්. ජයවර්ධන
මහතාට)
- ගැමුණූ සාලිය පෙරේරා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක - ඇල්ල
gemunusaliyaprr@gmail.com
No comments:
Post a Comment